RECENT UPDATES


පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

29 Jun 2022 | 11:00 AM 3

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාව විසින් දිනා ගනු ලැබුවා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ.

ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඔස්ටේ්‍රලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.

මෙම තරගාවලිය වෝන් මුරලි කුසලානය ලෙස ද නම් කර තිබෙන බව සඳහන්. 


තවත් ක්‍රිකට් තරගයක් අද

19 May 2022 | 11:45 AM 31

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි. 

චිතගොං හි පැවැත්වෙන මෙම තරගයේ දිවා ආහාරය සදහා තරගා නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුළු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 128 ක්.

එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 44 ලබා සිටින අතර පළමු ඉනිමේ ලකුණු 199ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට බංගලාදේශ ක්‍රීඩකයන් මෙහිදී සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියලු‍ දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 397 ක්. 

ඊට පිළිතුරු වශයෙන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු‍දෙනා දැවී රැස් කලේ ලකුණු 465 ක් පමණයි. 

ඒ අනුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 60.ක් ඉදිරියෙන් මේ වන විට ශ්‍ර


ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකරු මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාවේ නීති භාරකරු ලෙස සැලකෙන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය ඔවුන්ගේ මීළග සභාපතිවරයා නම් ක...

05 May 2022 | 11:30 AM 37


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

04 May 2022 | 11:30 AM 52


නැගී එන ක්‍රිකට් පිලට වෙන දේ...

26 Apr 2022 | 3:45 PM 58


ලෝක කික් බොක්සින් ශූර ‍රොබින් විකොමිට් ශ්‍රීලංකාවේ පුහුණු සංචාරයක

23 Apr 2022 | 11:45 AM 125



ලෝක කුසලානය දිනූ ඉන්දීය යෞවනයින්ට දෙන මුදල මෙන්න..

06 Feb 2022 | 6:30 PM 103

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ඉන්දීය යොවුන් කණ්ඩායමට පිරිනමන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් තොරතුරු ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් ඉන්දියාව පස්වැනි වරටත් වයස අවුරුදු 19න් පහළ ලෝක ..

 

ජාත්‍යන්තර පිටියට ක්‍රීඩක දිල්රුවන් තීරණය කරයි

26 Jan 2022 | 2:30 PM 92

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

 

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

 

..

 

මළළ ක්‍රීඩා සැමරුමට ඉතිහාසගත පොතක්

26 Jan 2022 | 11:00 AM 87

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සියවස් සමරුවට සමගාමීව මෙරට මළල ක්‍රීඩා ඉතිහාසය පිළිබඳ ලියැවුණ පිටු 500 ක පොතක් මුද්‍රණය කිරීමට සූදානම් වී තිබෙනවා.

වසර 100 ක ඉතිහාසයේ ජාතික මට්ටමේ සිට ඔලිම්පික් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වය හා ඔවුන් දැක් වූ දක්ෂතා ඊට ඇතුළත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ. 

මළල ක්‍රීඩාවේ සෑම ඉසව්වකම හොඳම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙකු පිළිබඳ දුර්ලභ විස..

 

චීනයේ බීජිං නුවරින් මහජනතාවට වැට බැදෙයි

20 Jan 2022 | 10:45 AM 88

චීනයේ බීජිං නුවර ලබන 4 වැනිදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිත සීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා මහජනතාව වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

එරට කොවිඩ් මර්දන වැඩපිළිවෙලහි කොටසක් ලෙස මෙම තීරණයට එළඹ ඇති බවයි එම උළලෙහි සංවිධායකයින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අනුව ආරාධිත ප්‍රේක්ෂයකින් සීමිත පිරිසකට පමණක් මෙම උළෙල නැරඹීම සඳහා අවසර ලබාදීමට තීරණය කර තිබෙනවා. 

 


OTHER