විදෙස්ගත ශ්‍රමිකයින් හට ඉලෙක්ට්‍රොනික වාහන ආනයන බලපත්‍ර සදහා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ අදාළ ආයතන බලපත්‍ර ලබන අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බවයි.
පසුගිය වසරේ මැයි මස සිට දෙසැම්බර් 31 වන දා දක්වා මෙලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රොනික වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබා දීමටයි රජය කටයුතු කරනු ලැබුවේ.
මේ ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් පළ කළ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311