අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සදහා අලි අගල් කැපීමට හිටපු වනජීවි අමාත්‍යවරයා ඇතු`ඵ බලධාරින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඒ පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පිරිසක් විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි.
පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය පාරිසරික නීතින්ට පටහැනි ආකාරයෙන් සිදු වන බවයි.
මේ තුළින් කුඩා සතුන්ට මෙන්ම ශාඛ, ජල පෝෂක ප්‍රදේශවලට ද දැඩි හානි සිදු වන බව නීතිඥවරුන් පෙන්වා දුන්නා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311