පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටළුකාරී තත්ත්වය පිළිබද මැතිවරණ කොමිසම කරුණු වාර්තා නොකිරීම පිළිබද සොයා බැලීමට පාර්ලිමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා.
ඊට අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබද යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් මතයි මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත්තේ.
මේ අතර කඩිනමින් පාර්ලිමේන්තුව කැදවන්නැයි නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ලිපියක් යොමු කරමින් නිදහස් ජනතා නිදහස් සන්ධනය අග්‍රමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබද මතුවී ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.
එම සන්ධානය පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට ගෙන ඇති තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311