පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය විමර්ශනවලට යටත්ව අහෝසි කර තිබෙනවා.
ඒ එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයක පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී ඊට සම්බන්ධ සිසුන් 12 දෙනෙක් හඳුනාගත් බවයි.
සිද්ධියට සම්බන්ධ වූ තවත් සිසුන් හඳුනා ගැනීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311