මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළද විදේශ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරගෙන යන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වන විට පාඩු මට්ටමේ පවත්වාගෙන යන බවයි.
එම ගුවන්තොටුපොළේ පරිපාලන කටයුතු ආයෝජකයකුට බාර දෙන ආකාරය ගැන මේ වන විට සාකච්ඡා කරගෙන යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
2009 වර්ෂයේදී ඉදිකිරිම ඇරඹුණු මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2013 වර්ෂයේදී විවෘත කරනු ලැබූවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311