පේරු රාජ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් සහ එරට පොලිසිය අතර ගැටුම් ඇති වී තිබෙනවා.
පසුගිය මාසයේ දි පේරු ජනාධිපතිවරිය ලෙස තේරී පත් වු ඩිනා බොලුරේට්ට ඉවත් වන ලෙසට ඉල්ලමින් මෙම විරෝධතා ආරම්භ වී තිබෙනවා.
හිටපු ජනාධිපති කැස්ටිලෝ ඉවත් කිරීම සහ අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල නොවන බවයි විරෝධතාකරුවන් පවසන්නේ.
මේ අතර විරෝධතකරුවන් පිරිසක් එරට ගුවන්තොටුපළ වෙත ද ඇතුලු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය පූනෝ නගරයේදි කදුළු ගෑස් ප්‍රහාර එල්ල කල ඇති බව සදහන්. පසුගිය දෙසැම්බර් මාසයේ සිට පැවැත්වෙන මෙම විරෝධතාවලින් මේ වන විට පුද්ගලයින් 22 දෙදෙනෙකු ජිවිත්ෂයට පත්ව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311