දිවයිනේ පාසල් ගණනාවක ගුරුවරියන් අද සාරිය වෙනුවට ගවුම්, දිගු කලියම් ආදි සැහැල්ලු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණ තිබෙනවා.
වර්තමානයේ පවතින ආර්ථික උද්දමනය හේතුවෙන් සාරිවල මිල ඉහළ යාම සමඟ මෙම පියවර ගත් බවයි එම ගුරුවරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබෙන්නේ.
රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කළ හැකි බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් මීට පෙර චක්‍රලේඛයක් ද නිකුත් කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔවුන් පවසන්නේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ට සාරිය වෙනුවට වෙනත් සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට ඉඩ ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් ඊට මහා සංඝරත්නය මෙන්ම අන්‍යාගමික නායකයින් සහ ජනතාව ද විරෝධය එල්ල කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311