ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව සහ ජපානය බලා ඉදිරි දිනකදී පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි වාර්තාවන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව සිංගප්පූරු සහ ජපන් නායකයින් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇති.
ජනාධිපතිවරයා මේ මස 27 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311