96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල මේ වන විට අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී පැවැත්වෙනවා.
එහිදී පූර් තින්ග් චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන් හොඳම නිලිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඕපන්හයිමර් චිත්‍රපයේ රඟපෑ කිලියන් මර්ෆි හොඳම නළුවා සම්මානය දිනා ගැනීමටයි සමත් වුණේ.
මෙහිදී හොඳම අධ්‍යක්ෂණය ලෙස තේරී පත් වුණේද ඕපන්හයිමර් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ක්‍රිස්ටෝෆර් නෝලන් වීම විශේෂත්වයකි.
එහිදී හොඳම සහාය නිළිය ලෙස ඩ’වයින් ජෝ රැන්ඩොල්ෆ් ද හෝල්ඩ්ඕවර්ස් චිත්‍රපටිය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.
හොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගත්තේ ඕපන්හයිමර් චිත්‍රපයේ රඟපෑ රොබට් ඩව්නි ජූනියර් විසින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311