මැතිවරණය කල් යාම මත ඊට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් 3000 කට අධික පිරිසක් අසරණව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද පැවසුවා.
අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව සදහන් කළා.
එහිදි විමල් වීරවංශ, රංජිත් මද්දුමබණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අදහස් පළ කළා.
මේ අතර පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධව පියවර ගනිමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා පළාත් සභා රජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ යළි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රාජ්‍ය සේවයේ යෙදෙන කාලය අතරතුර දේශපාලන කටයුතුවල නිරත නොවන බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගෙන ඔවුන්ට වැටුප් ගෙවීමට කටයුතු කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311