නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශ ර`ඵ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් අද දිනයේ දී ධීවර හෝ නාවික කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර දිවයින වටා වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පීඩන අවපාතය හෙට දිනයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
එහි බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311