ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද උදෑසන විවෘත කරනු ලැබුවා. නව පාර්ලිමේන්තුව විවෘත කිරීම සමරමින් ඉන්දීය රුපියල් 75 සමරු කාසියක්ද නිකුත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙම විවෘත කිරීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් සහභාගි වී නොමැති බව සඳහන්. මෙම උත්සවය සඳහා විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ අතර, පොලිස් ඩ්‍රෝන යානා යොදා ගනිමින්ද ආරක්ෂාවද සපයා තිබුණා.
වසර 96 ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙනුවට ඉදිකළ මෙම නව ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විත බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311