බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඒ අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුවයි.
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය තීරණය කළා.
ඒ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
නව සංශෝධිත මිල අද ප්‍රකාශයට පත් කරනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311