පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව අද දිනයේ සියලු නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා.
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තේරිම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුනා.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල අනුවයි
මේ යටතේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කර තිබෙනවා.
දිස්ත්‍රික්කයක් තේරීම්භාර නිලධාරියා ලෙස පත් කර ඇත්තේ එහි දිස්ත්‍රික් ලේකම්වරයායි.
සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කරනු ඇති.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311