ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා.
ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්.
පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා.
” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල ගජමිතුරු සමාගම් පිනවීමේ උවමනාවට බව පැහැදිලිය.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවූ අසීමාන්තික බදු බර අඩුකර ගජමිතුරු සමාගම් වලින් අයවිය යුතු බදු මුදල් අයකරගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය වේ…”
උණුසුම් පුවත්
- ඩෙංගු හිස ඔසවයි-රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවයි
- අදත් ගිගුරුම් සහිත වැසි
- සජබ වේදිකාවේ මුස්ලිම් යුවතියක් කෑගල්ල දෙවනත් කරයි-225 ට හොඳ පාඩම් ගොඩක් (වීඩියෝ)
- සංවර්ධන නිලධාරීන් අද අසනීප වෙයි
- පොදු සමාවෙන් හමුදා සාමාජිකයන් 7156ක් ඉවත් කරයි
- චෙන්නායි කණ්ඩායමට ලකුණු 78ක ජයක්
- බැංගලූරු කණ්ඩායමට තවත් ජයක්
- ආහාර බෙදා දීම නැවතත් ආරම්භ කරයි