ඉන්දියාව සහ බංගලාදේශය සිය ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනුවලින් කොටසක් ඔවුන්ගේම මුදල් ඒකකව්ලින් ගෙවීමට එකග වී ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය පවසනවා.
ඒ අනුව එම ගනුදෙනු රුපියල සහ ටකා යන මුදල් ඒකකවලින් පියවීමටයි දෙපාර්ශවය එකග වී ඇත්තේ.
ඩොලර් ශේෂය මත ඇති පීඩනය අඩු කිරීම සඳහා ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම තීරණය ගෙන ඇති බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළා.
ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ බැංකු පද්ධති දෙක බැගින් මෙම ගනුදෙනු සඳහා සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ.
මේ හරහා දෙරටටම ආර්ථිකමය හා මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ හිමිවන බව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311