ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණි තිබෙනවා.
ඒ් ඉදිරි වසර පහක කාලයේදී මෙරට සෞඛ්‍ය අංශයට සහය ලබාදිය යුත්තේ කෙසේද යන්න සොයා බැලීම සඳහායි.
මේ අතර ලෝක බැංකුවේ නියෝජිතයන් පිරිස මාලිගාවත්තේ පිහිටි සෞඛ්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකටද ඊයේ(14) එක්ව තිබෙනවා.
එම නිරීක්ෂන චාරිකාවේ අරමුණ වී ඇත්තේ අධික ජනාකීර්ණ නාගරික පරිසරයක සෞඛ්‍ය සේවා සැපයීමේදී ඒය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් වන අත්දැකීම් හුවමාරු කර ගැනීමයි.
මෙම කණ්ඩායමට සෞඛ්‍ය විශේෂඥයන්ට අමතරව ආර්ථික විද්‍යාඥයින් පිරිසක්ද එක්ව සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311