කොළඹ ආශ්‍රිත ව වසර අවසානයේ පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් රථවාහන ගාල් කිරීම සඳහා ස්ථාන කිහිපයක් පොලිසිය විසින් වෙන් කර තිබෙනවා.
ඒ අනුව නෙළුම් කුළුණ ආශ්‍රිතව පැවැත්වෙන වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන්ට සිය රථවාහන ගාල් කිරීම සඳහා ලේක් හවුස් ඉදිරිපිට රථගාල, කැප්ටන් ගාඩ්න් කෝවිල් රථගාල මෙන්ම ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණී වටරවුමේ සිට රීගල් දක්වා මාර්ගය දෙපස භාවිත කළ හැකියි.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටිය ආශ්‍රිත වැඩසටහන් සඳහා පැමිණෙන්නන්ට රථවාහන ගාල් කිරීම සඳහා ද ස්ථාන වෙන් කර දී තිබෙනවා.
මෙහිදී එම්.ඕ.ඩී. රථගාල, ගාලු මුවදොර – ගාලු මැද පාරේ සහ නව බාලදක්ෂ මාවතේ රථවාහන ගාල් කිරීමේ අවස්ථාව ඔවුන්ට හිමි වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311