වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා දීම සදහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතා කිරීමට සුදුසු රජයේ රෝහල් හදුනාගැනීම සදහායි මෙම කමිටුව පත් කර තිබෙන්නේ.
එහි සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, ලයිසියම් කැම්පස් සහ කොළඹ, ක`ඵතර, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව යන විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන වෛද්‍ය සිසුන් සදහා ශික්ෂණ රෝහල් ලෙස භාවිතයට යොදා ගැනීමට සුදුසු රජයේ රෝහල් හදුනා ගැනීම සහ සායනික පුහුණුව ලබා දීමට ඇති හැකියාව මෙම කමිටුව මගින් සොයා බැලීමට නියමිතයි.
එමෙන්ම හදුනාගනු ලබන රෝහල් වැඩිදුයුණු කිරීම සදහා අවශ්‍ය සංවර්ධන කටයුතු පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට සති 8 ක කාලයක් එම කමිටුවට ලබා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311