තේ දළු කිලෝවක මිල සීග්‍රයෙන් පහළ බසමින් පවතින බව කුඩා තේවතු හිමියන් පවසනවා.
මීට පෙර රුපියල් 400 කට පමණ අලෙවි වූ අමු තේ දළු කිලෝවක් අද වන විට රුපියල් 160 ක් දක්වා පහල බැස ඇති බවයි කුඩා තේවතු හිමියන් සඳහන් කරන්නේ.
එමෙන්ම පහත රට නිමි තේ කිලෝග්‍රෑමයක මිලද රුපියල් 800 දක්වා පහත බැස තිබෙන බව සඳහන් .
මින් පෙර නිමි තේ කිලෝවක් අලෙවි වී තිබුනේ රුපියල් 1900 ක මුදලකටයි.
ඩොලරයේ අගය පහළ යාමත් සමඟ මෙලෙස තේ දළු මිල අඩු වී ඇති අතර ඒ හේතුවෙන් කුඩා තේ වතු හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311