දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩි වීමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ඇති විය හැකි පීඩා අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන්ම ප්‍රදේශ කිහිපයක් සදහා උණුසුම් කාලගුණ තත්ත්ව පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා එම අවවාදාත්මක නිවේදනය වලංගු වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311