ඔස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බ්‍රිස්බේන් නගරයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකටයි එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ පවසන්නේ .
අපරාධකරුවන් තවමත් නිදැල්ලේ පසුවන බැවින් නැවත දැනුම්දෙන තුරු නිවෙස්වලින් පිටතට නොඑන ලෙස ක්වින්ස්ලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී තිබෙනවා .
මියගොස් ඇති අනෙක් සිව්දෙනා ප්‍රදේශවාසීන් වන බව විදෙස් මාධ්‍ය පවසනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311