75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට අද ජනාධිපති සමාව ලබා දීමට නියමිතයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ඔවුන් අද දිනයේදී බන්ධනාගාරය තුළින් නිදහස් කරන බවයි.
ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ .
මේ අතර අද කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ ගාලුමුවදොරදී නිදහස් උත්සවය පැවැත්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය මගීන් ඒ පිළිබද අවබෝධයෙන් කටයුතු කළ යුතුවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311