ආනයන සදහා පනවා ඇති සීමාවන් ඉදිරියේදී ක්‍රමානුකුලව ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සදහා තීරණාත්මක පියවර රැසක් ගැනීම සිදුවු බවයි නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ.
පවතින තත්ත්වය වැඩිදියුණු කර ගැනීමත් සමග ප්‍රාග්ධන ගනුදෙනු සදහා පවතින සීමාවන්ද ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311