නාඳුනන පිරිසක් විසින් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි වාර්තාවනවා.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නමැති පිරිමි දරුවෙක් බවයු එප්පාවල පොලිසිය සඳහන් කරන්නේ.
පැහැරගැනීමට ලක් වූ දරුවා කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් .
මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311