තිස්සමහාරාම ප්‍රදේශයේ සූදු පිටියක් වටලා එහි සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වැරදි කරුවන් වූ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයකු ඇතුළු සිව් දෙනකුට හම්බන්තොට මහාධිකරණය මරණීය දණ්ඩය නියම කර තිබෙනවා.
මෙලෙස මරණිය දඬුවම නියමව ඇත්තේ තිස්සමහාරාම පොලිසිය අනුයුක්තව සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකුටයි.
2005 වසරේ ජුනි මස තිස්සමහාරාම ප්‍රදේශයේ සුදු පිටියක් වැටලු අවස්ථාවේ සිදුකල වෙඩි තැබීමකින් එහි සිටි පුද්ගලයෙක් මිය ගියා.
මරණ දඬුවම නියමවූ නිලධාරීන් සිවු දෙනාගෙන් දෙදෙනකු දැනට පොලිසියේ සක්‍රීය රාජකාරිය නිරතවන අතර එක් නිලධාරියෙක් හුංගම පොලිසිය අපරාධ අංශයේ ද අනෙක් නිලධාරියා රාජ්‍ය බුද්ධි සේවයේ කටයුතු කරන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා,
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311