ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගය ජය ගන්නට සුපර් ජයන්ට් කණ්ඩායම සමත්වුණා.
ඒ සන්රයිසන් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගනිමින්.
ලක්නව්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 121ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් ජයන්ට් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා තරගය ජය ගත්තා.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතරයි.
දෙවන තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311