වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .
ඒ ඔහු විසින් පසුගිය වසරේ නොවැම්බර් මස 28 වන දා පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.
අදාළ වෛද්‍යවරයා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමක්ද සිදු කළා .
කෙසේ වෙතත් දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීවගේ සේවය අත්හිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311