සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන සේපාල් අමරසිංහ පෙබරවාරි මස 21 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙනවා.
ශ්‍රී දලදා මාලිගාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක් සිදු කිරීම පිළිබඳ නඩුවට අදාළව සේපාල් අමරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද(14) ඉදිරිපත් කිරීමෙන් අනතුරවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත්තේ.
ඔහු ජනවාරි මස 5 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.
සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ සැකකරු කරන ලද ප්‍රකාශයන් හේතුවෙන් බෞද්ධ සමාජය තුළ දැඩි කැළඹීමක් හටගෙන ඇති බවත් සමාජ මාධ්‍ය තුළද දෙපාර්ශ්වයක් අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
එසේම සැකකරුට විදේශීය රටවලින්ද මුදල් ලැබි ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අනාවරණ කරනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311