මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනයට විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානය බලා පිටත්ව ගොස් තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කළා .
ඕමාන් රාජ්‍යයේ මිනිස් ජාවාරම පිළිබඳ විමර්ශනය සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි එම පිරිස ඊයේ පිටත්ව ගොස් තිබේන බව සදහන් .
මේ අතර අසර්බයිජානය හරහා ප්‍රංශයට උත්සාහ දැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනා හා එම ජාවාරම මෙහෙයවූ රැකියා නියෝජිතවරයා රක්ෂිත බනධනාගර ගත කර තිබෙනවා.
කැස්බෑව මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝගය කලේ එම පිරිස ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311