ආනයනික ටයර් මිල සියයට 15 කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය පවසනවා .
ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු මෙලෙස ටයර් මිල අඩු කිරීමට හැකි වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ .
අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් වුවද මෙම අවස්ථාවේ ආනයනික ටයර් මිල අඩු කල හැක්කේ සියයට 5ක පමණ ප්‍රතිශතයකින් පමණක් බවද ටයර් ආනයනකරුවෙන්ගේ සංගමයේ සභාපති සුනිල් ෆොන්සේකා මහතා කියා සිටියා .
ඒ පැරණි ටයර් තොග වෙළෙඳුන් සතුව පැවතිම බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311