පැට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට යැවීමට අමෙරිකාව සැලසුම් කරමින් සිටිනවා.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ මෙම පියවර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.
රුසියානු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් ඝාතනයට ලක්වීම හේතුවෙන් යුක්රේනය කලක සිට තවදුරටත් ගුවන් ආරක්ෂක සහාය ඉල්ලා සිටියා.
එක්සත් ජනපදයේ වඩාත් දියුණු ගුවන් ආරක්ෂක පද්ධති අතර පැට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධතිය ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා.
යුක්රේන සොල්දාදුවන් ජර්මනියේ එක්සත් ජනපද හමුදා කඳවුරකදී මෙම මිසයිල පද්ධති භාවිතය සම්බන්ධයෙන් පුහුණු කර ඇති බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311