දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ ජාත්‍යන්තර පැසසුම් මැද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වසර මැද රැස්වීම් 2024 සාර්ථකව අවසන් විය. මෙම තීරණාත්මක රැස්වීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ලබා ගත් අතර, එය අපගේ රට සඳහා නව අධිෂ්ඨානශීලී ගමන්මඟක් සහ බලාපොරොත්තුවක් සනිටුහන් කළ බවයි සමුළුවට එක් වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට සඳහන් කළේ.
ශ්‍රි ලංකාවේ ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වයේ ළගාකරගෙන ඇති ප්‍රගතිය අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් රටේ අභිවෘද්ධිය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලෙස පිළිගෙන ඇති අතර ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ අගය කළ බව සේමසිංහ මහතා පෙන්නා දුන්නේ ය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311