සිව් වසරක් තුළ අවස්ථා 08ක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන ණය මුදල වන අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදල ලැබීමට නියමිත බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්‍යවරයෙකු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හිමිවෙන මුදල සම්බන්ධයෙන සති අන්ත පුවත්පතකට පළ කරන ලද අදහසක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
මෙම මාසය අවසන් වීමට පෙර අදාළ ණය මුදලේ පළමු පියවර වෙනුවෙන් සහ එය ලබා ගැනීම වෙනුවෙන් වන ගිවිසුම්වලට එළඹීම ද සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ .
ඉන් පසුව අමෙරිකානු ඩොලර් දස ලක්ෂ තුන්සිය පනහක පමණ මුදලක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
අයි.එම්.එෆ්. ගිවිසුම්වලින් අනතුරුව ලෝක බැංකුවෙන් ද අවස්ථා දෙකක දී ශ්‍රී ලංකාවට මුදල් ප්‍රදානයන් සිදු කෙරෙනු ඇති.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් දස ලක්ෂ හයසීයක මුදල් ප්‍රදානයක් ලැබීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311