ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 40 වැනි තරඟයෙන් ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 224ක් රැස් කළා.
එහිදී නායක රිෂාබ් පාන්ට් පන්දු 43දී නොදැවී ලකුණු 88ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 220ක් පමණයි.
එහිදී සායි සුදර්ශන පන්දු 39දී ලකුණු 65ක් රැස් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311