අයි එස් අයි එස් සංවිධානයේ ජේෂ්ඨ නායක බිලාල් අල් සුඩානි ඇමරිකානු හමුදා ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනාධිපති ජෝ බයිඩන්ගේ නියෝගයකට අනුව සෝමාලියාවේ දී ඇමරිකානු හමුදා එල්ල කල ප්‍රහාරයකින් බිලාල් අල් සුඩානි මිය ගිය බවයි.
වෙඩි හුවමාරුවේදී අයි එස් අයි එස් සටන්කාමීන් 10 දෙනෙකුද මිය ගොස් තිබෙනවා.
අල්-සුඩානි අල්ලා ගැනීම ඇමෙරික හමුදා ඉලක්කය වුවද සටන්කාමීන්ගේ ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311