රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ සංචාරයක ඉදිරි දිනවලදි නිරතවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
රුසියානු මාධ්‍ය ප්‍රකාශක දිමිත්ත්‍රි පෙස්කෝ සඳහන් කලේ ඩොන්බාස් කලාපය රුසියානු සමුහ ආණ්ඩුවේ කොටසක් බැවින් රුසියා ජනාධිපතිවරයා නියමිත කාල වකවානුවේදි එහි සංචාරයක එක් වනු ඇති බවයි.
රුසියාව පසුගිය ඔක්තෝබර් මාසයේ දි ජාත්‍යන්තර නීතියට පටහැනිව යුක්‍රේනයේ කලාප 4ක් තම රටට ඇදා ගැනීමේ පියවරවලට අත්සන් තැබුවා.
කෙසේ වුවත් විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ රුසියාව ඩොන්බාස් කලාපයත් රුසියාවට ඇදා ගැනිමේ ක්‍රමවේදයක ඔවුන් නිරතව සිටින බවයි.
රුසියා බලධාරීන් ඩොන්බාස් කලාපය රුසියාවට අයත් බව ප්‍රකාශකළ ද රුසියා හමුදා එම ප්‍රදේශ සම්පුර්ණයෙන්ම පාලනය නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311