මත්පැන් නිෂ්පාදනයට සම්බන්ධ ඇතැම් සමාගම් සති දෙක තුන වසා දමා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, මත්පැන් අලෙවිය 30%කින් පමණ අඩු වී තිබීම හේතුවෙන්.
ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් නිෂ්පාදනය කර ඇති බියර් කල් ඉකුත් වීමට ආසන්නව තිබියදී පවා ගබඩාවල ගොඩ ගැසී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ .
ඒ අනුව දේශීය මත්පැන් අලෙවිය පහත වැටී ඇති බැවින් මෙරට නිෂ්පාදිත මත්පැන් අපනයනය කිරීම වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පවසන්නේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, දැනටමත් වාර්ෂිකව ලබන අපනයන ආදායම බිලියන 22ක ප්‍රමාණය බිලියන 30-35 දක්වා වැඩි කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311