විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.
ඒ, විෂයභාර අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා ඇතුලු එහි විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකදියි.
මෙහිදී ඉදිරි වසර හතරක කාලසීමාව සඳහා ණය ආධාර වෙන් කිරීමටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.
විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලි ගාස්තු, විදුලිබල ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311