ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ත්‍රිකුණාමලය සිට කිලෝමීටර 370ක් පමණ නැගෙනහිර දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මැන්ඩුවොස්, සුළි කුණාටුව බවට වර්ධනය වී තිබෙනවා.
එය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දිනයේදී නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්ණාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව සඳහන්.
මේ හේතුවෙන් දිවයිනේ උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311