කාර්ය භාරයක් නොමැති පළාත් සභා සභාපතිවරුන්ට දෙන ලද ඉන්ධන දීමනාව කපා හැරීමට ගත් තීරණය අහෝසි කර තිබෙනවා.
ජනාධිපති කාර්යාලය පවසන්නේ සභාපති නිල වාහන තුනක් සඳහා වූ ඉන්ධන දීමනාව අහෝසි කර එක වාහනයක් සඳහා මසකට ඉන්ධන ලීටර 400ක් ලබා දීමට කටයුතු කෙරෙන බවයි.
මේ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.
පළාත් සභා සභාපතිවරයාගේ දස දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය 6 දක්වා අඩු කර ඇති අතර පෞද්ගලික ලේකම් වරයා සඳහා මසකට ඉන්ධන ලීටර 150ක් ලබා දීමටද කටයුතු කෙරෙනු ඇති.
කෙසේ වෙතත් ජනතාව වෙනුවෙන් තවදුරටත් සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීමට සිදුව ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වෙනි සංවත්සරය අමතමින්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311