පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරීම නවතා දැමීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා.
මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් නොලැබීම හේතුවෙන් මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි මුද්‍රණාලය සදහන් කළේ.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි මුද්‍රණය කර අවසන් කර තිබෙනවා.
ඒ සදහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට මෙතෙක් මුදල් ලබා දී නොමැති බවයි රජයේ මුද්‍රණාලය සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311