ගේබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.
බොහෝ නගරවලට තවමත් විදුලිය සහ නළ ජලය හරි හැටි ලැබී නැහැ.
ගේබ්‍රියල් සුළි කුණාටුව නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ අතර මේ සම්බන්ධයෙන් රජය පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබු හෙයින් සිදුවිය හැකිව තිබු අනතුරු බොහෝමයක් වළක්වා ගැනීමට හැකිවුණා.
නවසීලන්තය පසුගිය සතිය පුරාම ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නිසා අපහසුතාවයට පත්වු අතර විචාරකයන් පවසන්නේ නවසීල්නත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ පා සිටින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311