පාස්කු ප්‍රහාරයට ලක් වූවන් වන්දි ඉල්ලා පවරා ඇති නඩු සඳහා හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව කොළඹ දිසා අධිකරණය අද දැනුම් දුන්නා.
පාස්කු ප්‍රහාරයක් එල්ල වන බවට තොතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් මිනිස් ජීවිත රැසක් විනාශ වූ බවට චෝදනා කරමින් වින්දිතයින් නඩු 108ක් ගොනු කර තිබෙනවා.
හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා එම නඩුවල චූදිතයෙකු ලෙස සැලකෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311