පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබි්‍ර රහීම් මහතා ශ්‍රී ලංකාවට රැගෙන ආ රත්‍රං ඇතුඵ භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා.
රත්‍රං කිලෝග්‍රෑම් 3.5 ක් සහ ජංගම දුරකථන 91 එලෙස රාජසන්තක කළ බවයි වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.
අදාළ රත්‍රං තොගය සහ ජංගම දුරකථනවල වටිනාකම රුපියල් කෝටි අටහමාරකට අධික වෙනවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබි්‍ර රහීම් මහතා රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපලේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී රත්‍රං බිස්කට් තොගයක් සමග ඊයේ පෙරවරුවේ ඔහු රේගු භාරයට ගැණුනා.
ඒ ඩුබායි සිට පැමිණි අවස්ථාවේදියි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311