ලංකා සතොස තවත් භාණ්ඩ වර්ග හතරක මිල ගණන් පහත දමා තිබෙනවා.
මෙලෙස මිල අඩු කර ඇත්තේ තිරිඟු පිටි, සම්බා සහල්, දේශීය සුදු කැකුළු සහ දේශීය නාඩු සහල්ය.
ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් පහකින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 240ක්.
මෙතෙක් රුපියල් 225කට අලෙවි කෙරුනු සම්බා සහල් කිලෝවක් රුපියල් 220ක් දක්වා රුපියල් පහකින් අඩු කර තිබෙනවා.
දේශීය සුදු කැකුළු රුපියල් 16කින් අඩු කර ඇති අතඑ එහි නව මිල වන්නේ රුපියල් 189ක්.
මේ අතර දේශීය නාඩු රුපියල් දෙකකින් පහත දැමීමත් සමග රුපියල් 198ක් දක්වා මිල අඩු වී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311