ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට පුත්තලමට ළඟා වන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා ප්‍රකාශ කරනවා .
සභාපතිවරයා කියා සිටියේ තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.
ඒ අනුව දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ජනවාරි මාසයේ දී ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා .
මේ අතර, පසුගිය දෙසැම්බර් 22 වනදා රාත්‍රියේ සිට අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය නඩත්තුවෙන් පසු එළැඹෙන 09 වනදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත යි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311