වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ දැරියගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටීම හේතුවෙන් කළ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311