නව බදු පනතට විරෝධය පළකරමින් හැටන් නගරය තුළ ද අද විරෝධතාවක් පැවැත්වුණා.
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන කිහිපයක වෘත්තිකයින් පිරිසක් ඊට එක්ව සිටියා.
අසාධාරණ ලෙස පනවා ඇති නව බදු පනත මගින් වෘත්තිකයින් සහ ජනතාව තවත් පීඩාවට පත්ව ඇති බවයි විරෝධාකරුවන් පෙන්වා දුන්නේ.
හැටන් නගරයේ රාජ්‍ය බැංකු සේවකයින් සහ දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් මෙලෙස විරෝධාවයේ නිරතව සිටියා.
බදු මුදල් අය කළ ද රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ගද ප්‍රමාණවත් පිරිදි රෝහල්වල නොමැති බවයි විරෝධතාකරුවන් සදහන් කළේ.
විරෝධතාවට එක්ව සිටි දික්ඔය රෝහලේ වෛද්‍ය රොෂාන් සිරිවර්ධන මහතා මෙලෙස අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311